දේශීය

රවී ඇතුළු වරෙන්තු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹයි

(UTV | කොළඹ) –  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) ලබාදුන් වරෙන්තුවට අනුව 2016 වසරේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඒ අනුව රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් පරීක්ෂා කර ඇති අතර , ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නොමැති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිවසින් යළි පිටව ගොස් තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

Related posts

ලොකු ලූණු තවත් ගණන් යයි

Mohamed Dilsad

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

Mohamed Dilsad

වීථි පහන් සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

Editor O

Leave a Comment