දේශීය

බැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ 08 වැනි සැකකරු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2016 වසරේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් නව දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.

Related posts

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment