දේශීය

බැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අද

(UTV | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොණුකර ඇති නව නීති කෘත්‍යයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් 12 අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අධිකරණය විසින් අද (06) නිකුත් කිරීමට නියමිතයි. 

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අදාළ පැමිණිල්ල විභාග කෙරෙනු ඇත.

2016 වසරේ මාර්තු 29 වනදා සහ 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් කෝටි 5200 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් 12 දෙනෙකුට විදෙස් ගමන් තාවකාලිකව තහනම් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා පෙරේදා නියෝග කළේය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් , පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් ඕෂධී පළිසේන මහත්වරුන්ද විත්තිකරුවන් 12 දෙනා අතරට අයත් වෙයි.

Related posts

කල් ඉකුත් වූ සහ ප්‍රමිතියෙන් තොර බෙහෙත් විනාස කරන්න රුපියල් කෝටි 12ක් ගෙවලා..¡

Editor O

රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ පරිහානිය…!

Editor O

මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේ

Mohamed Dilsad

Leave a Comment