දේශීය

තලවිල මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවාවක්

(UTV | කොළඹ) – තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා මොරටුව සහ කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය 04ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේනය කළේ සාමාන්‍ය දුම්රිය සේවාවන්ට අමතරව බැතිමතුන්ගේ පහසුව සඳහා මෙලෙස කටයුතු කල බවයි.

මෙම විශේෂ දුම්රිය ලබන සෙනසුරාදා සහ සදුදා දිනයන් හී ගමන්වාර ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව පස්වරු 02.10 ට මොරටුව සිට පාලාවි දක්වා එක් ගමන්වාරයක් ලෙස සහ කොළඹ කොටුව සිට පාලාවි දක්වා පෙරවරු 09.35, පස්වරු 01.10, පස්වරු 03.40 වශයෙන් ගමන් වාර තුනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පාලාවි සිට මොරටුව දක්වා සෙනසුරාදා පස්වරු 04.00 ට එක් ගමන්වාරයක්ද, සෙනසුරාදා හා සදුදා දිනවල පස්වරු 02.55 ට ද, පස්වරු 06.07 වශයෙන් ගමන් වාර දෙකක් පාලාවි සිට කොළඹ කොටුව දක්වාද ක්‍රියාත්මක වන බවයි

 

Related posts

බදු ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment