දේශීය

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ දිවයිනට

(UTV | කොළඹ) – බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’(SHADHINOTA) නෞකාව ඊයේ ( 03) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මුස්ටෆා සිලූර් රහීම් කාන් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක ද නිරත විය.

මෙම මස 05 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

සුරා බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස උදය කුමාර පෙරේරා පත්කරයි.

Editor O

Leave a Comment