දේශීය

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ දිවයිනට

(UTV | කොළඹ) – බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’(SHADHINOTA) නෞකාව ඊයේ ( 03) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මුස්ටෆා සිලූර් රහීම් කාන් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක ද නිරත විය.

මෙම මස 05 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.

Related posts

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

Editor O

මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

Mohamed Dilsad

Leave a Comment