දේශීය

සුනඛයෙකු සොයා ගත් හොරණ බිළිඳු ඝාතනය

(UTV |කොළඹ)  – දින තුනක් වයසැති දරුවෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් අද (02) වාර්තා විය.

ඒ, හොරණ පේරුව ගම්මානයෙනි.

මෙම ප්‍රදේශයේ නිවසක සිටි සුනඛයෙක් සහ තවත් ඒ අසල සිටි සුනඛයන් පිරිසක් මෙම දරුවාගේ සිරුර සොයාගෙන තිබේ.

අත් දෙක සහ කකුල් දෙක කපා දැමූ දින තුනක් වයසැති දරුවකුගේ මළ සිරුරක් අද උදෑසන මෙම සුනඛයින් විසින් එම ප්‍රදේශයේ නිවසක් අසළට ගෙනවිත් දමා තිබුණි.

පසුව ඒ පිළිබඳව නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මීගහතැන්න පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ එම නිවසේ සුනඛයාම ඔවුන්ව සිරුර තිබූ ස්ථානයට රැගෙන ගොස් ඇත..

වැසිකිළි වලක් වැනි ස්ථානයක පෙට්ටියක් තුළ තිබී එම සිරුර සොයා ගැනුණි .

මෙහිදී හෙළිව ඇත්තේ අත්පා කපා දරුවාව පෙට්ටියට දමා ඇති බවයි.

දරුවාගේ මරණයට සැක පිට එම ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

සොයා ගැනුණි .

Related posts

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ ට

Editor O

යාල සිද්ධිය : ජනපති දුන්න උපදෙස මෙන්න

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Leave a Comment