දේශීය

කැළෑ ගිනි ගැනීම් තවදුරටත් ඉහළ යයි

(UTV | කොළඹ) –  දිවයිනට බලපවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තවදුරටත් ප්‍රදේශ රැසක රක්ෂිතවල ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

ඊයේ (01) හැටන් – සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදාගැනීමට සිදුවිය.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 10 ක පමණ කොටසක් ද විනාශ විය.

වියළි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වූ අතර , රත්නපුර දිස්ත්‍රික්කයේ ද ස්ථාන දෙකක රක්ෂිත ගිනිගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ හැකිතාක් දුරට කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.

Related posts

රජයේ ගොඩනැගිලි සඳහා කඩිනමින් සූර්ය පැනල

Mohamed Dilsad

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment