දේශීය

කැළෑ ගිනි ගැනීම් තවදුරටත් ඉහළ යයි

(UTV | කොළඹ) –  දිවයිනට බලපවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තවදුරටත් ප්‍රදේශ රැසක රක්ෂිතවල ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

ඊයේ (01) හැටන් – සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදාගැනීමට සිදුවිය.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 10 ක පමණ කොටසක් ද විනාශ විය.

වියළි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වූ අතර , රත්නපුර දිස්ත්‍රික්කයේ ද ස්ථාන දෙකක රක්ෂිත ගිනිගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ හැකිතාක් දුරට කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි.

Related posts

ජනපති ලබන සතියේ විදෙස් ගතවෙයි

Mohamed Dilsad

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

Mohamed Dilsad

දොස්තරගේ ඝාතකයා ට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment