දේශීය

විගණන පරීක්ෂකවරුන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – දිවයින පුරා සිටින සියලුම විගණන පරීක්ෂකවරුන් අද (02) සිට විගණන රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ රාජ්‍ය විගණන සේවය ස්ථාපිත නොකිරීම සහ විගණන සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක්ම මුල් කරගනිමින්.

ශ්‍රී ලංකා විගණන පරීක්ෂකවරුන්ගේ සංගමය අද දහවල් 12ට පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

2019 අංක 19 දරන ජාතික විගණන පනත 2018 අගෝස්තු 1 දින සිට මාස 3ක් ඇතුළත රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කර විගණන සේවයේ සහ විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන් ඊට අන්තර්ග්‍රහණය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා විගණන පනත උල්ලංඝනය වී ඇති බවට එම සංගමය චෝදනා කර සිටියි.

Related posts

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

Mohamed Dilsad

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

Editor O

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

Mohamed Dilsad

Leave a Comment