දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාත්‍රී 12 ට විසුරුවා හැරීමට තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව පාර්ලිමේන්තුව රැස් වී වසර හතරහමාරක් ගත වූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවීම හේතුවෙනි.

රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රී 12ට නිකුත් කිරීමට නියමිතව ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය අනූව පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරකට පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙයි.

ඒ අනූව අද මධ්‍යම රාත්‍රි 12න් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අතර එම අවස්ථාවේ මහ මැතිවරණය පවත්වනු ලබන දිනයද ප්‍රකාශයට පත් කළ යුතු බැවින් එළැඹෙන අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමේ දිනය වනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Related posts

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

යුද හමුදාපතිවරයාගෙන් නිවේදනයක්

Mohamed Dilsad

පැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment