දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

(UTV |දකුණු කොළඹ) – ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම ගතවූ කාලය තුළම මරණ 13ක් එරටින් වාර්තා වන අතර ආසාදිතයින් 2931 දෙනෙක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

මේ අතර ඉතාලියෙන්ද කොරෝනා ආසාදිතයින් 889ක් වාර්තා වී තිබේ.එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 21කි.

මේ වන විට කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 2919 දෙනෙකු මිය ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 85,176ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

අගමැති ධූරයේ වෙනසක් ගැන බැසිල් කියන කතාව

Mohamed Dilsad

අද දිනයෙන් පසු ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment