දේශීය

ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට

(UTV | රාමේශ්වරම්) – ඉන්දීය නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු මුහුදු සීමාව උල්ලංගණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය වෙරළබඩ පොලීසිය විසින් ඊයේ (27) පෙරවරුවේ සිය මුහුදු තීරයේ මසුන් මරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ යාත්‍රාව ද සමඟ දනුෂ්කොඩි වෙරළට රැගෙන ගිය බව සඳහන් කළේය.

ඒ පිළිබදව ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ නිවෙස් වෙත දැනුම් දීමක් ද කර ඇති බව සඳහන් වේ

ඒ අනුව ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මන්නාරම ධීවර සමිතියේ සහය ඇතිව යාපනය නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත අභියාචනයක් ද භාර දී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මෙය මාසයක් ඇතුළත ශ්‍රී ලාංකික ධීවරයින් හා සම්බන්ධ දෙවන සිද්ධිය බවයි.

පසුගිය පෙබරවාරි 15 වන දා ද දනුෂ්කොඩි වෙරළේ මසුන් මරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 3 දෙනෙකු ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 10යි.

Mohamed Dilsad

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

ප්‍රතිඵළ නිකුත් වූ පළාත් පාලන ආයතන 268කින් 103 ක බහුතරය මාලිමාවට

Editor O

Leave a Comment