දේශීය

සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව ඇමතිගේ නියෝගයෙන් පරීක්ෂණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගනයේ ඊයේ (26) පැවති තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

මෙම සිදුවීම ක්‍රීඩා අමාත්‍යවරයා දැඩිව හෙළා දැක තිබේ.

අදාළ සිද්ධිය පිළිබදව පරීක්ෂණයක් සිදුකර කරුණු සොයා වහාම තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසට ද ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඩලස් අලහප්පෙරුම මහතා නියෝග කර ඇත.

මෙම කණගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

Mohamed Dilsad

Leave a Comment