දේශීයප්‍රමුඛ පුවත 1

ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්

(UTV | කොළඹ) – වසර 100 ක් පැරණි පල්ලියක්, බෞද්ධ විහාරස්ථානයක් ලෙස බුදුන් වහන්සේගේ පිළිරුවක් තැන්පත් කළ මහර බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් මෙය මුස්ලිම් ප්‍රජාවේ මූලික අයිතිවාසිකම්වලට අතිශයින්ම විරුද්ධ බවත් ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙසත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ව්‍යවස්ථාමය ආචාර ධර්ම ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

ඔහු මේ බව සිය ට්විට්ටර් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස අදහස් පළ කර තිබුණි.

 

Related posts

තැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

මාළිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 ක් මිය යයි

Mohamed Dilsad

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

Mohamed Dilsad

Leave a Comment