දේශීය

කොළඹ වාහන තදබදය විසදන්න ත්‍රිවිද හමුදා සහය

(UTV | කොළඹ) – කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවද එක් කිරීමට තීරණය කර තිබේ.

කොළඹ පවතින රථ වාහන තදබදය හේතුවෙන් ජනතාවට මෙන්ම උදෑසන පාසල් යන දරුවන්ද දැඩි පීඩාවට පත්වීමට  සිදු වේ.

විශේෂයෙන් රථ වාහනවලින් පිටවන අධික දුමාරය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑම් එල්ල වී ඇති බවද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

පාසල් දරුවන්ටද මෙය යෝග්‍ය නොවන බැවින් රථ වාහන තදබදය ආපදාවක් ලෙස සලකා එය අවම කිරීමට යුද, ගුවන් සහ නාවික හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කළ බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන් පෑලියගොඩ, වැල්ලවත්ත, පාර්ලිමේන්තුව අවට මාර්ග, නුගේගොඩ අවට මාර්ග ඇතුළු මාර්ග රැසක යුද හමුදා නිලධාරීන් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා යොදවා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණි.

මේ වනවිට නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද ඒ සදහා යොදවා ඇති බවයි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඉදිරියේදී රථ වාහන හැසිරවීම සඳහා තවත් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් යෙදවීමටද අවධානය යොමුවී තිබේ.

Related posts

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

ආර්ථිකයට ඇති අවධානම ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment