දේශීයප්‍රමුඛ පුවත 1

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ අද (26) සිට ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන 29 වැනිදා දක්වා එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව ද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය.

ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය බලකාය හරහා මෙම පිරිස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතය.

මේ සඳහා අයදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

Mohamed Dilsad

Leave a Comment