දේශීයප්‍රමුඛ පුවත 1

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

(UTV |කොළඹ) – 2020 වර්ෂෙය් දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඊයේ (26) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අතුරු සම්මත ගිණුම සඳහා අනුමැතියව ලබා දී තිබේ.

ඒ අනුව අද (27) සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු වේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ වනු ඇත.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රුපියල් බිලියන 750කට නොවැඩි මුදලක් භාණ්ඩාගර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනිම සඳහා වන යෝජනාව ද අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාව පත් කිරිම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

විවාහ උත්සවය ට වෙන්කළ මුදලින් ගමටම ආහාර මලු බෙදූ යුවළක්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment