දේශීය

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

(UTV | කොළඹ) – ඉදිරියේදී පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සඳහා යොමු කරවිවේදී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත වෙනස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඊට අදාළව නව නීති ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් ප්‍රධානීන් වෙත යොමු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ පසුගියදා  කන්තලේ ගෝමරංකඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් පාසල් සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසුවය.

මේ අනුව අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීමේදී දුර ප්‍රමාණය සම්බන්ධයෙන් නව නීති ඇතුළත් කිරීමට පියවර ගැනෙන අතර සිසුන් නැරඹීමට අපේක්ෂිත ස්ථාන, නවාතැන් ගන්නේ නම් එම ස්ථාන සහ අදාළ දුර ප්‍රමාණ පිළිබඳව ද සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම සංශෝධන සහ නව නීති කිහිපයකින් යුත් අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන්ට යොමු කරනු ඇත.

Related posts

නාමල් රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

Editor O

අදත් විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

Leave a Comment