දේශීය

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – උතුරු – නැගෙනහිර පළාත්වල ධාවනයේ යොදවා තිබූ ලියාපදිංචි නොවූ දුරගමන් සේවා අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර තිබේ.

ස්ථාන කිහිපයක සිදුකළ හදිසි වැටලීම්වලදී මෙම බස්රථ හොයාගත් බව සඳහන්.

ගමනාගමන කොමිසම සඳහන් කළේ මෙම බස් රථවලට කිහිප අවස්ථාවකදී ඒවා ලියාපදිංචි කරන ලෙසට දැනුම් දී තිබූ බවයි.

තවද, මෙම බස් රථ රාත්‍රී කාලයේදී කොළඹ – වැල්ලවත්ත හා දෙමටගොඩ වැනි ප්‍රදේශවල ජනතාවගෙන් මුදලක් අය කරමින් ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ.

Related posts

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

වත්තල ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment