දේශීය

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ පෙනී සිටීමට CID අධ්‍යක්ෂවරයාට නියෝගයක්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ ලිපි ගොනු ඉදිරිපත් කිරීමට ලබන 25 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.

වසන්ත කරන්නාගොඩ විසින් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පළිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර අදාළ නඩුවේ ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මීට පෙර නීතිපතිවරයා වෙත දැනුම් දුන් අතර ඒ අනුව පසුගිය 20 වනදා ඔහු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයෙකු කොමිසම හමුවේ පෙනී සිටියේය.

එහිදී නීතීඥවරයා විසින් අදාළ ලිපි ගොනු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ලබන 27 වනදා වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දුන් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

Editor O

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

Editor O

Leave a Comment