ව්‍යාපාරික

වාහන කාණ්ඩ කිහිපයක් සුඛෝපභෝගී බද්දෙන් ඉවතට

(UTV | කොළඹ) – වාහන කාණ්ඩ කිහිපයක මෝටර් වාහන මත පනවා ඇති සුඛෝපභෝගී බද්ද ඉවත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඊට අදාළ ගැසට් නිවේදනය නිතුත් කර තිබේ.

මේ අනුව පසුගිය වසරේ මාර්තු 6 වන දින සිට ඔක්තෝබර් 31 වනදා දක්වා කාලය තුල විවෘත කරන ලද ණයවර ලිපියක් මත ආනයනය කරන ලද සිලින්ඩර් ධාරිතාව 1800 නොඉක්මවන පෙට්‍රල් මෝටර් වාහන සුඛෝපභෝගී බද්දෙන් තාවකාලිකව ඉවත් කර ඇත.

සිලින්ඩර් ධාරිතාව 2300 නොඉක්මවන ඕනෑම ඩීසල් මෝටර් වාහනයක් හෝ එන්ජිමෙහි බලය කිලෝ වොට් 200 නොඉක්මවන විද්‍යුත් වාහන සඳහාද මෙම සහනය දී තිබේ.

ලබන මැයි 31 වනදිනට පෙර මෙම වාහන ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගත යුතු බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.

Related posts

ජූනි මාසයේදී උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

Mohamed Dilsad

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment