විදෙස්

චීනයේ රැඳිවියන් 512 කට කොරෝනා ආසාදනය වෙයි

(UTV | චීනය) – කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට ආසාදනය වී ඇති බව එරට බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ බන්ධනාගාර 03 ක රැඳිවියන් 512 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03 ක රැඳිවියන්ට බව සඳහන්.

චීන බලධාරීන් පවසන්නේ ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

Related posts

ලෝකය පුරා භූ කම්පන…

Mohamed Dilsad

පකිස්ථාන කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට

Mohamed Dilsad

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment