ක්‍රීඩා

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

(UTV | ඔස්ට්‍රේලියාව) – රටවල් 10 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන 20-20 තරගාවලිය අද (21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සෘජුව තේරීපත් වී තිබේ.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායම සහ තායිලන්ත කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා කිරීමෙන් පසු ලෝක කුසලානය සඳහා තේරී පත්වීය යුතුයි.

ඒ අනුව ලෝක කුසලානයේ පළමු තරඟාවලිය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද (21) සිඩ්නිහිදි පැවැත්වීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට චමරි අතපත්තු නායකත්වය ලබා දෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය සමඟ පැවැත්වෙයි.

 

Related posts

බුවනේෂ්වර් කුමාර්ට IPL තරඟාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment