දේශීය

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

(UTV | කොළඹ) – පොලිස් සේවය හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතහැර ගොස් සිටින පිරිස් නැවත බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ 5987 ක් බවට ගණනය කර ඇති අතර , මෙම පිරිසෙන් වයස අවුරුදු 50 ට අඩු හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල වසරකට වැඩි කාලයක් සේවය කළ පිරිස් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිතව තිබේ.

අලුතින් පිරිස් සේවයට බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම පුහුණුව ලබාදීම සඳහා යම් මුදලක් හා යම් කාලයක් ගතවන බැවින් විවිධ හේතූන් මත සේවය හැරගොස් සිටින පිරිස්වලට අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන අතර, කෙටිකාලයක් තුළ පළපුරුදු නිලධාරීන් සේවයට එක්කර ගැනීමටත් සැලසුම් කර ඇත.

Related posts

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අවසන් තීරණය

Mohamed Dilsad

Leave a Comment