දේශීය

මාතලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මරුට

(UTV | මාතලේ) -දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේ අද (21) උදෑසන බස් රථ දෙකක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ සිට සිරිපාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුන ගැටී ඇති අතර එම අවස්තාවේදී පිටුපසින් පැමිණි ලොරියක්ද බස්රථවල ගැටී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් පමණ වන පිරිමි දරුවෙකි.

තුවාල ලැබූ පිරිස දඹුල්ල – මාතලේ සහ නාලන්ද රෝහල්වල ප්‍රතිකාර ලබන අතර නාවුල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment