දේශීය

කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (20) පෙරවරු 08.00 සිට හෙට (21) අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ජා ඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ කැළණි ගග දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ ජල නල වැඩිදියුණු කිරීම හේතුවෙන්.

මෙම ජල කප්පාදුව ජා ඇල, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය යන ප්‍රදේශ සදහාද  බලාත්මක වෙයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ අද (20) මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම හා බෝපිටිය ප්‍රදේශ සදහාද පෙරවරු 08.00 සිට මෙම ජල කප්පදුව බලාත්මක වන බවයි

 

Related posts

විදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

Mohamed Dilsad

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

Mohamed Dilsad

විභාග රැසක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment