දේශීය

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

මෙම සම්මුඛ පරීක්ෂණ 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමයි

Mohamed Dilsad

පොලීසියේ ලෙස පෙනී සිට දේපොළ කොල්ලකෑ 10ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඉල්ලා අස්වෙයි…?

Editor O

Leave a Comment