දේශීය

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

(UTV | කොළඹ) – මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් ඊයේ (17) අපවත් වී වදාළහ.

අපවත් වන විට උන්වහන්සේ 106 වන වියේ පසුවිය.

අපවත් වී වදාල අම්පිටියේ සිරි රාහුල නාහිමියන්ගේ දේහය 19 දින දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර 19 දින පස්වරුවේ බම්බලපිටිය සිරි වජිරරාමයට වැඩම කරනු ලැබේ.

ආදාහන පූජෝත්සවය අනිද්දා (20) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

Related posts

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මිකයන් 85 දෙනෙක්

Mohamed Dilsad

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

Leave a Comment