දේශීය

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

(UTV | කොළඹ) – මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් ඊයේ (17) අපවත් වී වදාළහ.

අපවත් වන විට උන්වහන්සේ 106 වන වියේ පසුවිය.

අපවත් වී වදාල අම්පිටියේ සිරි රාහුල නාහිමියන්ගේ දේහය 19 දින දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර 19 දින පස්වරුවේ බම්බලපිටිය සිරි වජිරරාමයට වැඩම කරනු ලැබේ.

ආදාහන පූජෝත්සවය අනිද්දා (20) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

Related posts

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

භාණ්ඩ මිල වැඩි බවට අදහස් පළ කර, මාලිමා ආණ්ඩුව අපහසුවට පත් නොකරන ලෙස දන්වමින් අසේල සම්පත්ට තර්ජනය කරලා.

Editor O

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

Editor O

Leave a Comment