දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබේ.

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙම ණය ඇපකර ලිපි නැවත නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සහ ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙවැනි ණය ඇපකර ලිපි 08ක් සහ භාණ්ඩාගාර ඇපකර දෙකක් මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය වෙනුවෙන් නිකුත් කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන ඇති ණය පහසුකම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 205.38කි.

Related posts

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

Mohamed Dilsad

CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

හිරුණිකා ට එරෙහි නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment