දේශීය

දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසී

(UTV | කොළඹ) –  පසුගිය දිනක නොදන්වා පැය 02 ක විදුලි කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ වාර්තාව හෙට (18) හෝ අනිද්දා (19) විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

දිවයිනට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හමුවේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබේ.

එබැවින් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් තාප විදුලි බලාගාරවලින් සිදු කෙරෙන නිෂ්පාදනය 83 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජල විදුලි නිෂ්පාදනය 15% ක් දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

Related posts

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉඩම් සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක්

Editor O

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment