දේශීය

ඇමති දිනේෂ් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සහ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ(17) විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබූණි.

මෙහිදී  විදේශ සබඳතා අමාත්‍යවරයා ඊට රජයේ දැඩි විරෝධය පළ කර තිබේ.

එමෙන්ම මෙම තීරණය නැවත සමාලෝචනය කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තානාපතිවරියගෙන් ඉල්ලීමක් කල අතර
ශ්‍රී ලංකා රජය දැක්වූ කරුණු සිය රජය වෙත දැනුම්දීමට පියවර ගන්නා බව ඇය මෙහිදී සඳහන් කළාය.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

Editor O

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

Mohamed Dilsad

Leave a Comment