දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හෙට දිනයෙන් අවසන්

(UTV | කොළඹ) – 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් භාර ගැනීම හෙට දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළව මේ වනවිට අයදුම්පත් 60 කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණ කොමිසමට ලැබී ඇති බවයි

2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන අතර ලැබෙන අයදුම්පත් පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයා සඳහන් කළේය.

එම කොමිසම පවසන්නේ දැනට ඉදිරිපත් කර ඇති අයදුම්පත් අතුරෙන් බොහෝ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බවයි.

Related posts

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

Mohamed Dilsad

ට්‍රම්ප් ආධිපත්‍යය දරන මැතිවරණයෙන් ග්‍රීන්ලන්ත විපක්ෂයට ජය

Editor O

ගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment