ක්‍රීඩා

එළඹෙන විස්සයි -20 තරගාවලියට තිසර පෙරේරාත් එක්වෙයි

(UTV | කොළඹ) –  ඉදිරියේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය පාකිස්තාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ළහිරු තිරිමාන්න, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ පෙරේරාට මෙහිදී අවස්ථාව අහිමි වී තිබේ.

තිසර පෙරේරාට ජාතික සංචිතයක ස්ථානයක් හිමිව ඇත්තේ 2019 වසරේ ජූලි මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි.

22 වැනිදා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී  ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන අවසාන 15 දෙනාගේ ශ්‍රී ලංකා සංචිතය මෙම මස 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙම මස 22 වැනිදා දිවා තරගයක් ලෙසින් කොළඹ එස්.එස්.සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

26 වැනිදා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය දිවා-රාත්‍රි තරගයක් ලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 1 වැනිදා දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදාත් දෙවැනි තරගය 6 වැනිදාත් පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Related posts

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟය හෙට

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment