දේශීය

සිංගිමලේ රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

(UTV | හැටන්) –  හැටන් – සිංගිමලේ කඳු රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට මැඬ පවත්වා ගැනීමට කටයුතු කර තිබේ.

ගින්න හේතුවෙන් අක්කර 25කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මීට දින තුනකට පෙර මෙම කඳු රක්ෂිතයේ ගින්න හටගත් අතර , ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක්ද ඊයේ යොදා ගැනුණි.

පවතින වියලි කාලගුණයත් සමඟ එය සීග්‍රයෙන් පැතිර ගිය අතර මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ගින්න ඇති වුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතියි.

Related posts

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම්

Editor O

ප්‍රදේශ කිහිපයක වැසි

Mohamed Dilsad

Leave a Comment