දේශීය

ප්‍රදේශ කිහිපයක වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Related posts

ජාති භේදයකින් තොරව සියලු ලක්වැසියන්ට සෞභාග්‍ය උදා කිරීම ඒකායන පරමාර්ථයයි

Mohamed Dilsad

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රවල කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment