දේශීය

දිවයින පුරා විදුලි බලය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට පියවර

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ විදුලි බලය ආවරණය 100 % කින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක විදුලිබල ආවරණය 100 % ක් වුවද ඇතැම් පළාත්වල මෙතෙක් විදුලිය පහසුකම් නොමැති නිවාස ඇති බව හඳුනාගෙන ඇති අතර , විදුලිබල සැපයුම 100 % ක් සම්පූර්ණ කර ඇති දිස්ත්‍රික් වන්නේ කොළඹ , ගම්පහ , කලුතර , ගාල්ල , මාතර , හම්බන්තොට සහ මහනුවරයි.

දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවල මේ වනතෙක් 100 % ක විදුලිබල ආවරණය සැපයීමට හැකිවී නොමැත.

මේ හේතුවෙන් දිවයිනේ සියලුම ප්‍රදේශ විදුලි බලයෙන් ආවරණ කරන ලෙස අමාත්‍යවරයා අමාත්‍යංශ නිළධාරින්ට උපදෙස් දී ඇත.

Related posts

පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

Mohamed Dilsad

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

Mohamed Dilsad

Leave a Comment