දේශීය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයකු වන විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තීරණය කර ඇත. 

90 දශකය තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධව එහි වාදක මණ්ඩලයේ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සම්බන්ධව හසළ දැනුමක් ඇත්තෙකි.

නව සභාපතිවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ හා දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

Related posts

ධාරිතාව 1500CC ට අඩු වාහන ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක්

Editor O

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

Mohamed Dilsad

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment