දේශීය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයකු වන විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තීරණය කර ඇත. 

90 දශකය තුළදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධව එහි වාදක මණ්ඩලයේ කැපී පෙනෙන චරිතයක් ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සම්බන්ධව හසළ දැනුමක් ඇත්තෙකි.

නව සභාපතිවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ හා දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

Related posts

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

Mohamed Dilsad

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

හෙට සිට පාර්ලිමේන්තුව නරඹන්න ජනතාවට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment