දේශීය

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

(UTV | කොළඹ) – දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වේ.

ඔහු සිය බිරිද සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔහු විසින්ම තියුණු ආයුධයකින් ඇනගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ දෙහිවල පොලිසිය විසින් මෙහෙය වනු ලබයි.

Related posts

ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

දිස්ත්‍රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේ

Editor O

Leave a Comment