දේශීය

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (10) පෙනී සිටීමට නියමිතයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් ජනපති කොමිසම හමුවේ අද පස්වරුවේ පෙනී සිටින බවයි.

ඔවුන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අය අසත්‍ය ප්‍රකාශ සටහන් කරගෙන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරමින් පලිගැනීමේ චේතනාවකින් කටයුතු කර ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අදාලවයි.

Related posts

අර්ජුන මහේන්ද්‍රන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Editor O

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි

Mohamed Dilsad

ගුවන්තොටුපොළවල සිරවී සිටි ලාංකිකයින් අතරින් 3 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment