විදෙස්

තායිලන්ත වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළ

(UTV | කොළඹ) – තායිලන්තයේ රච්චාසිමා නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් නගරයේ පිහිටි තාඕ සුරනාරි ප්‍රතිමාව ඉදිරිපිට පැවැවූ බවයි.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් 57දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීම සිදුකළ හමුදා සෙබළා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි.

තායිලන්ත හමුදා සොල්දාදුවෙකු වන ජක්‍රෆන්ත් තොම්මා එරට රච්චාසිමා නගරයේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි තැබීම් සිදු කර තිබීම මෙයට හේතුවේ.

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 61ඉක්මවයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

Mohamed Dilsad

ලෝකෙම දන්න මිනිසාගෙන් දික්කසාද හින්දා බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයට අලුත් පැනුම

Mohamed Dilsad

Leave a Comment