විදෙස්

තායිලන්ත වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළ

(UTV | කොළඹ) – තායිලන්තයේ රච්චාසිමා නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් නගරයේ පිහිටි තාඕ සුරනාරි ප්‍රතිමාව ඉදිරිපිට පැවැවූ බවයි.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් 57දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීම සිදුකළ හමුදා සෙබළා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි.

තායිලන්ත හමුදා සොල්දාදුවෙකු වන ජක්‍රෆන්ත් තොම්මා එරට රච්චාසිමා නගරයේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි තැබීම් සිදු කර තිබීම මෙයට හේතුවේ.

 

Related posts

ඔබාමා සත්කාරයට එරෙහි යෝජනාව කොංග්‍රස් මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment