දේශීය

මීගොඩ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවට

(UTV | කොළඹ) – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හා ඒ අවට වෙළඳ සැල් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඒ ඊයේ(06) පස්වරුවේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් විසිනි.

මෙහිදී වෙළඳසැල් 5 කට නඩු පවරා ඇත.

තවත් වෙළඳසැල් 15 කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අපිරිසිදු ලෙස පවත්වා ගෙන ගිය බේකරියකට, ආපනශාලාවකට හා කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය තිබු වෙළඳසැල් තුනකට මෙලෙස නඩු පැවරීමට කටයුතු කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යනු ලබන වෙළඳසැල් 20 ක් පරීක්ෂා කර කල්ඉකුත් වු ආහාර ද්‍රව්‍ය හමු වු සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර ගබඩා කර තිබු වෙළඳසැල් 5 කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටේවි – ජනාධිපති

Editor O

ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment