දේශීය

මීගොඩ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවට

(UTV | කොළඹ) – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හා ඒ අවට වෙළඳ සැල් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඒ ඊයේ(06) පස්වරුවේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් විසිනි.

මෙහිදී වෙළඳසැල් 5 කට නඩු පවරා ඇත.

තවත් වෙළඳසැල් 15 කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අපිරිසිදු ලෙස පවත්වා ගෙන ගිය බේකරියකට, ආපනශාලාවකට හා කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍ය තිබු වෙළඳසැල් තුනකට මෙලෙස නඩු පැවරීමට කටයුතු කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යනු ලබන වෙළඳසැල් 20 ක් පරීක්ෂා කර කල්ඉකුත් වු ආහාර ද්‍රව්‍ය හමු වු සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස ආහාර ගබඩා කර තිබු වෙළඳසැල් 5 කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

Editor O

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අලුත් තීරණයක්

Mohamed Dilsad

ඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලා

Editor O

Leave a Comment