දේශීය

පදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයි

(UTV | කොළඹ) – පදිංචි සහතිකය සහ චරිත සහතිකය නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ගැනීම ලබන 10 වනදා සිට අනිවාර්ය නොකිරීමට රජය තීරණය කර තිබේ.

ග්‍රාම නිළධාරීවරුන්ට පමණක් එම බලතල පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති අතර , මහජනතාවට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ මෙවැනි තවත් අණපනත් ඇතිද යන්න සොයාබැලීමට කමිටුවක් පත් කර ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශනය ඇමරිකාව යාවත්කාලීන කරයි

Mohamed Dilsad

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

Leave a Comment