දේශීය

පදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයි

(UTV | කොළඹ) – පදිංචි සහතිකය සහ චරිත සහතිකය නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනු අත්සන ගැනීම ලබන 10 වනදා සිට අනිවාර්ය නොකිරීමට රජය තීරණය කර තිබේ.

ග්‍රාම නිළධාරීවරුන්ට පමණක් එම බලතල පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති අතර , මහජනතාවට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ මෙවැනි තවත් අණපනත් ඇතිද යන්න සොයාබැලීමට කමිටුවක් පත් කර ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

යාපනය වෛද්‍ය පීඨ රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථකයි

Mohamed Dilsad

මෙරට 15 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment