විදෙස්

දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනපති නිදහස්

(UTV | ඇමෙරිකාව) – දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිදොස් කොට නිදහස් වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ(05) සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් 53 ට 47 ක් ලෙස ජනාධිපතිවරයා ජය ගත්තේය.

බලය අයුතු ලෙස භාවිතය සහ කොංග්‍රසයේ කටයුතුවලට බලපෑම් කිරීම යන චෝදනා යටතේයි ට්‍රම්ප් මහතාට එරෙහිව මෙම දෝශාභියෝග චෝදනා විභාගය සිදුකෙරුණි.

මෙය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ සුවිශේෂී ජයක් බවත් එමගින් ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වීමට ඔහුට ඉඩකඩ සැළසෙන බවත් දේශපාලන විචාරායින් පෙන්වා දෙයි.

 

 

 

 

 

 

Related posts

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණු

Mohamed Dilsad

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment