විදෙස්

දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනපති නිදහස්

(UTV | ඇමෙරිකාව) – දෝශාභියෝග චෝදනාවලින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිදොස් කොට නිදහස් වෙයි.

මේ සම්බන්ධයෙන් ඊයේ(05) සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් 53 ට 47 ක් ලෙස ජනාධිපතිවරයා ජය ගත්තේය.

බලය අයුතු ලෙස භාවිතය සහ කොංග්‍රසයේ කටයුතුවලට බලපෑම් කිරීම යන චෝදනා යටතේයි ට්‍රම්ප් මහතාට එරෙහිව මෙම දෝශාභියෝග චෝදනා විභාගය සිදුකෙරුණි.

මෙය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ සුවිශේෂී ජයක් බවත් එමගින් ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වීමට ඔහුට ඉඩකඩ සැළසෙන බවත් දේශපාලන විචාරායින් පෙන්වා දෙයි.

 

 

 

 

 

 

Related posts

බයිඩන්ට වූ ජනතා කැමැත්ත තවදුරටත් පහළට

Mohamed Dilsad

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මියයයි

Mohamed Dilsad

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment