දේශීය

රංජන්ගේ හඩ පරීක්ෂණයට දින නියම වෙයි

(UTV | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන සිකුරාදා දිනයේදී කටහඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට දින නියම වී තිබේ.

පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ හඩ පට සිද්ධියට අදාළව රාමනායක මහතා කට හඩ පරීක්ෂණයකට යොමු කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

ඒ අනුව අනිද්දා දිනයේදී මන්ත්‍රීවරයා මෙලෙස කටහඩ පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවෙයි.

Related posts

IPL ගිය මහේල නිරෝධායනයට

Mohamed Dilsad

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

Leave a Comment