දේශීය

වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ ) – අද(15) පස්වරුවේ සිට ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව හා දකුණු පළාත්වල මිලි මීටර 100 වැඩි තද වැසි ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු හා තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු ද විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවේ.

Related posts

ප්‍රදේශ කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලනය කළ අයගේ වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

Editor O

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි නවතියි

Mohamed Dilsad

Leave a Comment