දේශීය

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

(UTV | කොළඹ) –  නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවන් 512 කට පොදු සමාව ලබාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත. බරපතල අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් මෙම පිරිසට ඇතුළත් නොවෙයි.

 

Related posts

ආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.

Editor O

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

Leave a Comment