විදෙස්

කොරෝනාවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහල යයි

(UTV | චීනය) -මේ වනවිට නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 360 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී මරණ 56 ක් වාර්තාවීමත් සමඟ මෙලෙස මරණ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

2002-2003 කාලසීමාවේදී පැතිර ගිය සාර්ස් වසංගතයෙන් සිදුවූ මරණ ගණනට වඩා නව කොරෝනා වෛරසයේ මරණ ගණන ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වේ.

සාර්ස් වසංගතයෙන් සටහන් වූයේ පුද්ගල මරණ 349 ක් පමණයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 25 කින් මේ වනවිට සොයාගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව 16400 ක් බවට පත්වී තිබේ.

Related posts

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

Mohamed Dilsad

ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි..

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment